අග්රාමාත්යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය.
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර තිබිණි.
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය කළ බව ශ්රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේය.

