මිනිස් ශිෂ්ණයටත් ගිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු

ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විසින් සිදු කළ හැකි බලපෑමේ විශාලත්වය පෙන්වා දක්වමින් මිනිස් ශිෂ්ණයේ ද මෙම අංශු සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

Your Sexual Medicine Journal හි පළ කරන ලද අධ්‍යනයක දක්වා ඇත්තේ ශිෂ්ණය ඍජු කිරීම සම්බන්ධයෙන් වූ දුර්වලතාවලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පිරිමින් හයදෙනෙකුගේ ශිෂ්ණවල penile පටක තුළ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හඳුනා ගෙන ඇති බවයි.

මෙහි දී වර්ග හතක ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග මොවුන් තුළ තිබී හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතර polyethylene terephthalate (PET) සහ polypropylene (PP) යන ඒවා බහුලව තිබු බවයි එම පටක පරීක්ෂණයට ලක් කළ මියාමි විශ්ව විද්‍යාලයේ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සහ ජර්මනියේ හෙල්ම්හෝල්ට්ස්-සෙන්ට්‍රම් හියර් යන පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සඳහන් කරන්නේ.

ලේසර් සෘජු අධෝරක්ත (LDIR) ක්ෂුද්‍ර වර්ණාවලීක්ෂය නම් තාක්‍ෂණය භාවිතයෙන් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හඳුනා ගෙන ඇති අතර එම පටක වල ඒවා පිහිටි ප්‍රමාණයන් පවා මේ හරහා හඳුනා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මයික්‍රෝමීටර් 20 සිට 500 දක්වා වූ දිගින් යුතු පටක සාම්පලවලින් සියයට 80ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අන්තර්ගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජනක මුත්‍රාවේදය පිළිබඳ විශේෂඥයෙකු වන රංජිත් රාමසාමි සඳහන් කර ඇත්තේ ශිෂ්ණය ආශ්‍රිත පටක වල ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවෙන් එහි ඍජු වීම සම්බන්ධයෙන් මෙන්ම සරු භාවය සම්බන්ධයෙන් ද ගැටළු ඇති විය හැකි බවයි.

මින් පෙර මිනිස් හදවතේ පටක තුල ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයා ගනු ලැබුවා.