පෙර පාසල් ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රු.2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ගුරු අභිමානි වැඩ සටහන යටතේ මෙය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව නව දීමනාව ජුනි මාසයේ සිට ලබා දෙන බවයි පැවසෙන්නේ.
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා විසින් දිවයිනේ සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙම දීමනාව ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනූව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබෙනවා.

