ඉන්දියාව වැනි ආසන්න රටවල මිනිසුන්ට කුරුළු උණ හෙවත් කුරුළු උණ වැළඳී ඇති බව මෑතක දී අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබෙනවා.
කුරුළු උණ යනු ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් ඇති වන බෝවන රෝගයක් වන අතර එය ප්‍රධාන වශයෙන් පක්ෂීන්ට බලපාන නමුත් අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ටද ආසාදනය විය හැකි වනවා.
කුරුළු උණ ඇති කරන H5 උප වෛරස වර්ගය දරුණු ලෙස පැතිරීම් ඇති කිරීමට සමත් බව පරියේෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
එසේම H5N1 සහ H7N9 වෛරස විශේෂයෙන් දරුණු වන අතර ඒ මඟින් ඇති වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ වනවා.
බටහිර බෙංගාලයේ දරුවෙකුට කුරුළු ඉන්ෆ්ලුවෙන්සා A(H9N2) වෛරසය ශරීරගත වී ඇති බවට ඉන්දියාව මෑතකදී වාර්තා කරනු ලැබුවා.
මෙය ඉන්දියාවේ මිනිසුන් තුළ H9N2 වාර්තා වූ දෙවන අවස්ථාව වන අතර, පළමු අවස්ථාව 2019 දී සිදු විය.
කුකුළු මස්වල තිබීමෙන් දරුවට මේ වෛරසය ආසාදනය වී ඇති අතර පසුව ඔහු සුවය ලබා ඇති බව සඳහන් වූවා.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසුවේ කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විවිධ ප්‍රභේද මිනිසුන් ඇතුළු නව ධාරකයන්ට විකෘති වීමට සහ අනුවර්තනය වීමට ඇති හැකියාව නිසා සැලකිය යුතු මේ වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි. .
“ගෝලීය තත්ත්වය අනුව, මිනිසුන් තුළ H9, H7 සහ H5 කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව වර්ධනය කර ඇත. තවද, සෙන්ටිනල් අඩවි රෝහල්වල සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා නිරීක්ෂණ මගින් මිනිසුන් තුළ කුරුළු උණ ඇති බවට සැක කරන ඕනෑම සිද්ධියක් හඳුනා ගැනීමට හැකියාව ඇත, ”
පක්ෂීන්ගේ කෙල, ශ්ලේෂ්මල සහ අසූචි මගින් වෛරසය ව්‍යාප්ත බවත්, ආසාදිත පක්ෂීන් හෝ දූෂිත පරිසරයන් සමඟ සමීප, අනාරක්ෂිත සම්බන්ධතා පවත්වන පුද්ගලයින් හෝ සතුන් ආසාදනය විය හැකි බවත් වෛද්‍ය ජයමහ වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබුවා.

