‘සහජීවන මෙහෙයුම-2024’ මෙහෙයුම අරඹමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව එරටින් පිටත්ව ඇතැයි වාර්තා වෙනවා.
චීනයේ, චජියැං පළාතේ, චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව ඊයේ (16) පෙරවරු 10:00ට පිටත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවර ‘සහජීවන මෙහෙයුම-2024′ මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13ක් වෙත සංචාරය කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සැපයීමට සූදානමින් සිටී.
මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරටේ නිල සංචාරයන්ට ද ‘Peace Ark’ නෞකාව එක්වීමට නියමිතයි.

