ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණේ අද අලුයම 2ට පමණය.

මේ තත්ත්වය හමුවේ ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වන විට අත්හිටුවා තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අදාළ ජල නළයේ ගැටී පෙරළී ගොස් ඇති බවය.

අනතුරින් නළය පුපුරා යෑමෙන් ඊයේ (16) රාත්‍රියේ සිට ඉන් ජලය පිටතට කාන්දු වී තිබිණි