මෙරට දරු උපත් ප්‍රමාණයක ලක්ෂයකින් පහළට

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත මහලු ප්‍රජාව වැඩි වී තරුණ ප්‍රජාව අඩුවීම හරහා රටේ ශ්‍රම බලකායේ අඩුවක් සිදුවිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවනවා.

2017 වසරේදී මෙරට තුළ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ විසිපන්දහසක්.

කෙසේවෙතත් එය 2023 වසරේ දී දෙලක්ෂ හතළිස් හත්දහස දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම 2017 වසරේදී වාර්ෂික මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් දහසක අගයක පැවතුණත් එය 2023 වසර වන විට එක්ලක්ෂ අසූඑක්දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.