පසුගිය මැයි 27 වන දින AR3664 සූර්ය ලපයෙන් නිකුත් වූ සුර්යය කුණාටුව නැවත පැමිණ ඇති බව NASA සන්ධාන් කරනවා.
X2.8 පන්තියක් වූ එය මෑත වසරවල වඩාත්ම තීව්ර සූර්ය කුණාටුවලින් එකක් ලෙස හැඳින්විය හැකි වනවා.
එය ජූනි 6 වෙනිදා පමණ නැවතත් පෘථිවියට දර්ශනය වීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ.
සූර්ය ගිනිදැල් යනු සූර්ය වායුගෝලයේ එකතු වන චුම්බක ශක්තිය මුදා හරින විට සූර්යයාගේ මතුපිටින් ඇතිවන විද්යුත් චුම්භක විකිරණවල ශක්තිජනක පිපිරීම් වනවා. ඒවා ප්රමාණය අනුව අකුරු සහිත කන්ඩායම් වලට වර්ග කර ඇති අතර X පන්තිය වඩාත් බලවත් වනවා.
එම පිපිරීම් හේතුවෙන් පෘථිවියට අහිතකර ලෙස බලපෑ හැකි තවත් භූ චුම්භක කුණාටු සමූහයක් ඇතිවිය හැකි බවට NASA පෙන්වා දී තිබෙනවා.
මෙම තත්වය නිසා ගුවන් තරංග වෙත බාධා එල්ලවිය හැකි බවටද සඳහන්.
මෙය පෙරට වඩා ප්රභලත්වයෙන් ඉහල සූර්ය කුනාටුවක් බවටයි සඳහන් වෙන්නේ.

