හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 07
හිරු බැසීම – 18 : 22
අද මැයි මාසේ 31, සිකුරාදා.
මේ සතියේ අන්තිම වැඩ කරන දවස, වගේම මේ මාසෙත් අන්තිම දවස අද. ඉතින් අද වෙලාවක් අර ගෙන අනිවාර්යයෙන්ම මේ මාසේ ගැන හිතලා බලන්න. මේ මාසේ ඔයා හිතපු වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වුනාද? මේ මාසේ අමතක නොවෙන මතක මොනවද? හිතලා බලන්න ටිකක්.
සමහර විට මේ මාසේ ඔයාගේ ජීවිතේ ලස්සනම මාසයක් වෙන්න පුළුවන්, සමහර විට එච්චර ලස්සන නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් හෙට ඉදන් එන අලුත් මාසේ ලස්සන කර ගන්නවා කියලා අද හිතට ගන්න.
ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද Web Designer Day එක. web site එකක් design කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි, එක එක පැති වලින් ගොඩක් දේවල් හිතලා හරියට කලොත් තමයි වැඩේ ලස්සනටම වෙන්නේ. web site එකක් අනිවාර්යයෙන් user friendly වෙන්න ඕනි, සහ ආකර්ශනීය වෙන්න ඕනි. එකට යොදා ගන්න design එක, පාට වගේ මේ හැම දෙයක්ම අනිවාර්යයෙන් සලකන්න ඕනේ.
එක font එකකට පුළුවන් web site එකේ සම්පූර්ණ look එක නැති කරලා දාන්න. ඒ වගේ භාරදුර වැඩක් වෙනුවෙන් තමයි අද දවස නම් කරලා තියෙන්නේ.
ඒ වගේම අද World No Tobacco Day එක. දුම්කොළ එහෙමත් නැත්නම් Tobacco කියන්නේ අපේ ශරීරයට එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. මේ දුම්කොළ නිසා වසරකට සෑහෙන්න පිරිසක් මිය යනවා, වගේම රෝගී වෙනවා. විශේෂයෙන්ම පෙනහළු පිළිකා වගේ දේවල් හැදෙන්න මේක ප්‍රධානම හේතුවක් කියලා හොයා ගෙන තියෙනවා.
මේ දුම්කොළ භාවිතා කරමින් දුම් බොන කෙනෙක් අසල හිටියත් අක්‍රිය දුම්පානයට හසු වෙලා, රෝගී වෙන්න පුළුවන්. ඒ දුම අපේ ශරීරය ඇතුළට යන එක පොඩ්ඩක් වත් හොඳ නැහැ කියලා නේ කියන්නේ.
ඒ නිසා ඔබ අවට කෙනෙක් දුම්පානය කරනවා නම්, කරන්න පුළුවන් හොඳම දේ එතනින් ඉවත් වෙන එක.
අද World Parrot Day එකත් වෙනවා. ගිරව් කියන්නේ විශේෂ 350කට වැඩි සංඛ්‍යාවක් ඉන්න කුරුල්ලෝ ජාතියක්. මෙයාලට අනෙක් කුරුල්ලන්ට සාපේක්ෂව තියුණු නුවණක් තියෙන නිසා මෙයාලට කටහඬ මතක තබා ගෙන අනුකරණය කිරීමේ හැකියාවක් තියෙනවා.
මෙයාලගේ විවිධ විශේෂ වල පියාපත් වර්ණය විවිධයි. සමහර ගිරව් නම් පාට පාටයි, ඒ වගේම ශරීර ප්‍රමාණය එහෙමත් හරිම ලොකුයි. අපි මැකෝ කියලා කියන ගිරව් එහෙම ලොකුයි නේ. මාල ගිරව් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් මෙහෙ අවට පරිසරයේ ඉන්න ගිරව් විශේෂ කොළ පාටයි, සහ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි
එහෙනම් මේ මාසේ අන්තිම දවසේ සතුටින් ඉන්න… හැමෝටම පුළුවන් විදිහට උදව් කරන්න
ජය වේවා! තෙරුවන් සරණයි!

