දිල්ලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ උෂ්ණත්වය අද දිනයේ සෙල්සියස් අංශක 52.3 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වයඹදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා බලධාරීන් කියා සිටියේ උෂ්ණත්වය බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා අංශක නවයකට වඩා වැඩි වී ඇති බවයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන තාප තරංග තීව්‍ර වීම මෙලෙස උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තුළ ප්‍රාන්ත බලධාරීන් විසින් ඇති විය හැකි ජල හිඟයක් සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.