හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම -12 : 27
හිරු බැසීම – 18 : 21
අද මැයි මාසේ තිස්වෙනිදා, බ්‍රහස්පතින්දා.
මැයි මාසෙට තියෙන්නේ තව එක දවසයි, හෙට විතරයි! අද අවඅටවක පෝය දිනය… වෙසක් ඉවර වෙලා අදට සතියක් ඔන්න.
ඉතින් අද මැයි මාසේ අන්තිම දවසට කලින් දවසේ විශේෂත්වය ගත්තොත් අද International Day of the Potato හෙවත් අල ගෙඩියේ දවස… හිකිස්… අලයටත් වෙන් වුණු දවසක් තියෙනවා.
අල කියන්නේ ශාඛ වල ආහාර ගබඩා කරලා තියෙන ආකාරයක්. එයාලා පොළොවෙන් යට මේ අල විදිහට ප්‍රභාසංස්ලේෂණය මඟින් නිපදවන ආහාර ගබඩා කරලා තියා ගන්නවා. අල කිව්වම සෑහෙන්න ලොකු විවිධත්වයක් තියෙන ජාතියක්. අර්තාපල් වගේ හැම රටකම හැදෙන අල වගේම හිඟුරල, රාජ අල වගේ අපේ රටට ආවේනික අල වර්ගත් තියෙනවා.
අලවල බහුලව තියෙන්නේ කාබෝහයිඩ්රේට්. ඊට අමතරව අනෙක් පෝෂ්‍ය පදාර්ථත් අඩු වැඩි වශයෙන් මේවගේ අඩංගු වෙනවා.
ඔන්න අද තමයි අල කන්න හොඳම දවස…
ඒ වගේම අද International Hug Your Cat Day එක. ඔයාගේ ගෙදර පූස් බබෙක් ඉන්නවා නම් එයාලව පරිස්සමට තුරුළු කර ගන්න ඕනේ හොඳේ…
අද World MS Day (Multiple Sclerosis) එකත් වෙනවා. සමහර විට ඔයාල අහලත් ඇති මේ Multiple Sclerosis කියන රෝගය පිළිබඳව. මේකේ දී වෙන්නේ මොලය සහ ශරීරයේ අනෙක් අවයව අතර සන්නිවේදනය කිරීමට බාධා ඇති වීම. මේක තමන්ගේ ශරීරයේම තියෙන ප්‍රතිශක්ති පද්ධතිය විසින් තමන්ගේම මොලයේ නියුරෝන සෛල වලට හානි කිරීම නිසා ඇති වෙන රෝගයක් විදිහට තමයි හඳුනා ගෙන තියෙන්නේ.
මේ රෝගයේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්. පොදුවේ ගත්තහම ඇස් පෙනීමේ සහ කන් ඇසීමේ දුර්වලතා, මුත්‍රා සහ මල පිට කිරීම නිසි පරිදි සිදු නොවීම, සමබරතාවය පවත්වා ගනිමින් ඇවිදීමට නොහැකි වීම, හිරි වැටීම් ඇති වීම ආදී දේවල් ඇති වෙන්න පුළුවන්.
මේකට තවමත් ප්‍රතිකාරයක් හොයා ගෙන නැහැ. ඉතින් මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරමින් ඒවා පාලනය කිරීම තමයි මේ රෝගය තියෙන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම මේක ඇති වෙන්නේ මේ හේතුව නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙහෙම පහර දෙන්නේ මේ නිසා කියලා නිශ්චිත හේතුවක් තවමත් හඳුනා ගෙනත් නැහැ.
ඉතින් එහෙම තමයි සමහර ලෙඩ…. ඒවාට විද්‍යාව පැත්තෙන් හේතුවක් නැති වුනාට ආගමානුකුලව හිතුවොත් නම් හේතුවක් හොයා ගන්න පුළුවන්.
අපි හැමෝටම මේ ලැබිලා තියෙන්නේ කර්මානුරුපව අපිට ලැබෙන්න තියෙන දේවල් කියනවා නේ. කර්මය කාටවත් පක්ෂපාතිත්වයක් දක්වන්නේ නැහැ. අපි ලබන්න deserve කරන දේ ඒ ආකාරයෙන්ම අපිට ලබලා දෙනවා.
ඒ නිසා නිතරම හොඳ දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න!
ජය වේවා! තෙරුවන් සරණයි!

