ස්පාඤ්ඤ සහ පෘතුගාල රෑ අහස නිල් පාටින් ආලෝක කළ යෝධ උල්කාපාතය

ඊයේ දිනයේ රාත්‍රියේ ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට යෝධ උල්කාපාතයක් දර්ශනය වී තිබෙනවා.

රාත්‍රියේ අඳුර මකා දමමින් තත්පර කිහිපයකට දිවා කාලයක් ඇති කිරීමට තරම් මෙම ආලෝකය තීව්‍ර වූ බවයි සඳහන් වෙන්නේ.

මෙම අවස්තාව නිරීක්ෂණය කළ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ ඔවුන් නිල් පැහැති ආලෝකයක් රාත්‍රී අහස හරහා කිලෝමීටර් සිය ගණනක් ගමන් කරනු දැකිය හැකි වූ බවයි.

මෙම උල්කාපාතය පෘථිවි පෘෂ්ඨයට පතිත වූවාද යන්න මෙතෙක් තහවුරු වී නොමැති නමුත් ඇතැමුන් සඳහන් කරන්නේ එය කැස්ත්‍රෝ ඩෙයාර් නගරය ආසන්නයේ වැටී ඇති බවයි.

එම වීඩියෝ දර්ශන පහතින්,