ඉන්දුනීසියාවේ හල්මහේරා දූපතේ පිහිටි Ibu ගිනිකන්ද යළිත් පුපුරා ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් එය අවට ගම්මාන හතක ජීවත් වන මිනිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එහි ආවාටය වටා දම් පැහැති අකුණු සැර වැදීමත් සමඟ කිලෝමීටර හතරක් උසට දුම් පැමිණ ඇති බව ඉන්දුනීසියාවේ ගිනිකඳු ඒජන්සිය සඳහන් කරනවා.
මෙම ගිනිකන්ද පසුගිය සතියේ සිට විදාරණය වෙමින් පැවතිය අතර මේ වන විට එය උපරිම ලෙස විදාරණය වීම හේතුවෙනුයි මෙලෙස ජනතාව ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ,

