ගැටුම් සහ ප්රචණ්ඩත්වය හේතුවෙන් 2023 වසර අවසන් වනවිට ලොව පුරා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 75.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නෝර්විජියානු සරණාගත කවුන්සිලයේ අභ්‍යන්තර විස්ථාපන නිරික්ෂණ මධ්‍යස්ථානය විසින් අභ්‍යන්තර අවතැන්වීම් පිළිබඳ සිය නවතම වාර්ෂික ගෝලීය වාර්තාව ප්‍රකාශයට පත් කරමිනුයි මේ බව අනාවරණ කර ඇත්තේ.
පසුගිය වසර පහ තුළ අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් වර්ධනය වී ඇති බව සඳහන්.
එයින් මිලියන 68.3 ක් ගැටුම් හා ප්රචණ්ඩත්වය නිසාත් මිලියන 7.7ක් ආපදා නිසාත් අවතැන් වී තිබෙනවා.
එසේම මෙම පිරිසෙන් සියයට 46ක් උප සහරා අප්‍රිකාවේ වාසය කරන ජනතාවයි.

