2024 වසරේ ප්‍රබන්ධ සඳහා වන Carol Shields ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ V. V. ගනේෂානන්දන් ලේඛිකාව සමත් වී තිබෙනවා.
ඇය විසින් ලියන ලද Brotherless Night නවකතාවයි මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ.
වෛද්‍යවරියක් වීමට සිහින දකින ශෂී නම් තරුණියක් කේන්ද්‍ර කර ගනිමින් මෙම කතාව ලියා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇති වුණු සිවිල් යුද්ධය හේතුවෙන් ඇයගේ සිහිනය බොඳ වී යන අතර යුද්ධය හේතුවෙන් ඇයගේ පවුල විනාශ වී යන අයුරු මෙම කතාවේ දක්වා තිබෙනවා.
මෙම සම්මානය වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක් සහ Newfoundland සහ Labrador වෙරළ තීරයේ හි පිහිටි Fogo Island Inn හි පදිංචි වීමට ද අවස්තාව හිමි වී තිබෙනවා.

