ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව මාලදිවයිනෙන් සිය හමුදාවෙන් ඉවත් කර ගෙන තිබෙනවා.
පසුගිය වසරේ චීන මිත්රශීලි ප්රතිපත්තියක් අනුගමනය කරන මුයිසු බලයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ මාලදිවයින අතර විවිධ මතගැටුම් ඇති වුණා.
එහි ප්රතිඵලයක් ලෙස ලබන මැයි 10 වනදා වන විට මාලදිවයින් දූපත් සමූහයෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගන්නා ලෙස ඔහු දැනුම් දෙනු ලැබුවා.
ජනාධිපතිවරයා අවධාරණය කළේ මාලදිවයිනේ ආරක්ෂාව සඳහා දේශීය මිනිසුන් බඳවා ගැනීමේ අරමුණින් මෙලෙස ඉන්දීය හමුදා ඉවත් කරන බවයි.
අවම වශයෙන් ඉන්දීය හමුදා භටයන් 75ක් පමණ මාලදිවයිනේ ස්ථානගත කර තිබුනා.

