සිය ගැටළු සඳහා තවදුරටත් බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ, ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.
ගැටලුවලට විසදුම් ඉල්ලා ඉදිරි දිනවල විරෝධතා සංවිධානය කර ඇතැයිද ඔහු සඳහන් කළා.

