වර්තමානයේ පවතින 5G තාක්ෂණයට වඩා විසි ගුණයක වේගයකින් යුතු 6G තාක්ෂණයක් ජපානය විසින් හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා තත්පරයට ගිගාබිට් 100ක (Gbps) වේගයකින් අඩි 300කට වඩා වැඩි දුරකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
DOCOMO, NTT Corporation, NEC Corporation සහ Fujitsu ඇතුළු ජපානයේ ප්රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් විසින් මෙය ඉදිරිපත් කර තිබෙනවා.
මෙය දැනට එක උපකරණයක් පමණක් යොදා ගනිමින් test කර ඇති අතර තවමත් වාණිජ මට්ටමෙන් දියත් කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කර නොමැත.
5G ට වඩා ඉහළ සංඛ්‍යාත කලාප භාවිතා කරමින් 6G මෙම ඉහල වේගය අත්පත් කර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මාර්ගයේ ඇති බිත්ති සහ වර්ෂාව වැනි සාධක හේතුවෙන් මෙම 100Gbps වේගය යම්තාක් දුරට අඩු විය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

