රජයේ රෝහල්වල පවතිනහෙද පුරප්පාඩු පිරවීම සඳහා හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම ක්‍රියාවලිය මේ දිනයන්හි සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.
හෙදියන් 3000 ක් බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති බවත් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර අභියාචනා කාලය ගත කරන බවත් ඇමැතිවරයා සඳහන් කරනවා.
2019, 2020 වසරවල උසස් පෙළ ජීව විද්‍යාව, ගණිතය අංශයෙන් පෙනී සිටි සිසුන් හෙද සේවාවට බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය 2023.09.15 වැනිදා නිකුත් කළ බවත් දැනට 3100 ක් බඳවා ගෙන ඇති අතර තවත් 3863 ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයක් තිබෙන බවත් පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
හෙද සේවාවේ 45,000 ක් නිලධාරීන් සිටින බවත් පුරප්පාඩු පවතිනියේ 1000 ක් පමණ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

