Crypto රජුට වසර 25ක සිර දඬුවමක්

Crypto රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණය විසින් වසර 25ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

crypto exchange FTX හි සම-නිර්මාතෘ වන ඔහු ඒ  හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනුයි මෙලෙස දඬුවමට ලක් වී ඇත්තේ.

ඔහුගේ නීතිඥයන් සඳහන් කළේ මෙම දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනයක් ගොනු කිරීමට සූදානම් වන බවයි.

බිඳ වැටීමට පෙර ඔහුගේ crypto exchange FTX සමාගම ලොව විශාලතම crypto හුවමාරු වලින් එකක් වූවා.