මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස එක් මන්තිරුවක පමණක් දුම්රිය ධාවනය කරනු ලබනවා.

කෙසේවෙතත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.