ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ දැනට තිබීම හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා.
සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්ෂ 5 ක් පමණ නිකුත් කරන බැවින් උත්සව සමයේ කිසිදු අයුරකින් බිත්තර හිඟයක් ඇති නොවන බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

