රුධිරගත සීනි මට්ටම කියන්නේ හැම වෙලේම හැම කෙනාගෙම එකම නියත අගයක පවතින දෙයක් නෙමෙයි. ඒක වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දවසේ වෙලාව, සහ සෞඛ්‍ය තත්ත්වය වගේ දේවල් එක්ක සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන්.
අපේ ශරීරයේ තියෙන්න ඕනි ප්රශස්ත සීනි මට්ටම මේ විදිහට දක්වන්න පුළුවන්.
- නිරාහාරව සිටින විට දී : 70 සිට 100 mg/dL
- ආහාරය වේලකට පෙර : 70 to 80 mg/dL
- ආහාර ගැනීමෙන් පැය 2කට පසු : 140 mg/dL ට වඩා අඩුවෙන්
මේ අගයයන් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන් සුළු වශයෙන්. ඒ වුනත් විශාල පරාසයකින් දීර්ඝ කාලයක් තිස්සේ මේ අගයක් වෙනස් වෙලා නම් ඔබ ඒ ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනි.

සමහර වෙලාවට අපි දීර්ඝ වෙලාවක් ආහාර නොගෙන සිටීම, අධිකව මහන්සි වීම නිසා අපේ මේ රුධිර ගත සීනි මට්ටම තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දියවැඩියාව වගේ රෝග වලට ගන්නා ඖෂධ නිසාත් මෙහෙම එක පාරටම සීනි අඩු වෙන්න පුළුවන්.
මේ විදිහට රුධිරගත සීනි මට්ටම එක පාරට අඩු වීමට කියන්නේ hypoglycemia කියලා.
ඔයාගේ ශරීරයේ රුධිරගත සීනි මට්ටම අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් ඔයාට මේ වගේ රෝග ලක්ෂණ තමයි අත්විඳින්න වෙන්නේ.
- දහඩිය දැමීම
- වෙව්ලීම
- අධික කුසගින්න
- සම සුදුමැලි වීම
- ක්ලාන්ත ගතිය
- හිසේ කැක්කුම
- වේගවත් හද ගැස්ම
- අවධානය යොමු කිරීමේ අපහසුතාව
- බොඳ වී පෙනීම

ඉතින් ඔයාට මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, සහ ඔයාට හිතෙනවා නම් ඔයාගේ ශරීරයේ සිනී මට්ටම අඩු වෙලා වගේ කියලා ඔයාට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්.
- ග්ලුකෝස්, සීනි වගේ දෙයකින් ග්‍රෑම් 15-20 ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්න.
- සීනි අඩංගු ආහාර, සීනි දැමු පලතුරු යුෂ වගේ ගන්නත් පුළුවන්
කොහොම වුණත් මේ වගේ සීනි එක පාරට අඩු වුණු වෙලාවක චොක්ලට් වගේ දේවල් නම් ආහාරයට ගන්න යන්න එපා කියලා තමයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. ඉක්මනින් ශරීරයට සීනි ලබා ගන්න පුළුවන් දෙයක් ගන්න එක තමයි වඩාත් ම සුදුසු වෙන්නේ.
මෙහෙම සීනි ආහාරයට අර ගෙන විනාඩි 15ක් වගේ කාලයක් ටිකක් rest එකේ ඉඳල බලන්න ඔයාගේ රෝග ලක්ෂණ අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවාද කියලා. එහෙම අඩු වෙලා නැත්නම් ආයෙමත් සීනි ටිකක් ආහාරයට අර ගෙන බලන්න.
සීනි ආහාරයට ගත්තත් රෝග ලක්ෂණ අඩු වෙන්නේ නැත්නම් හරි, තවත් ඒ ලක්ෂණ වැඩි වෙනවා වගේ හිතෙනවා නම් හරි ඉක්මනින් ම වෛද්‍යවරයෙක් හමු වෙන එක අනිවාර්යය වෙනවා.
මොකද ශරිරියේ සීනි අඩු වීම නිසා ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලි වලට අවශ්‍ය ශක්තිය නොලැබීම නිසා ඒ ක්‍රියාවලි අඩපන වෙන්න පුළුවන්. එහෙම උනොත් බරපතල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා සුළුකොට සැලකිය යුතු තත්ත්වයක් නෙමෙයි මේක නම්.
ඒ වගේම ඔයාට නිරන්තරයෙන් මේ වගේ රුධිරයේ සීනි මට්ටම පහල වැටෙනවා නම් ඔයා පහත පියවර අනුගමනය කරමින් ඒ තත්ත්වය හැකි තාක් අවම කර ගන්න උත්සාහ කරන්න.
- නිසි වෙලාවට ප්‍රමාණවත් තරම් ආහාර ගැනීම,
- ව්‍යායාම කිරීමේ දී pre-workout meal එකක් සකසා ගැනීම
- නිරන්තරයෙන් රුධිරයේ සීනි මට්ටම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම

මේ වගේ කරුණු ඔයා පිළිපැද්දොත් ඔයාට පුළුවන් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ප්රශස්ත අගයක පවත්වා ගෙන යන්න.
ඔයාට ආහාර වේල් සැලසුම් කිරීමේ දී ගැටළුවක් තියෙනවා නම් පෝෂණවේදියෙක් ගේ උපදෙස් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා.
හොඳ දේවල් කන්න, පුළුවන් තරම් විශ්වාසවන්ත තැනකින්, වස විස නැති ආහාර ගන්න බලන්න. මොකද අපි කන දේවල් වලින් තමයි අපේ ශරීරය පවත්වා ගෙන යන්නේ. එතකොට හොඳ දේවල් හරියට ආහාරයට ගත්තොත් ශරීරයට නිරෝගිව පවත්වා ගෙන යන්න පුළුවන් වෙනවා.
එහෙනම් සතුටින් නිරෝගිව ඉන්න. මේක තවත් කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා..

