නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව යි එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.