දිවයින පුරා පිහිටි රාත්රී සේවා වාර සහිත තැපැල් කාර්යාලය සියල්ලම මගින් වාහන දඩ පත්රිකා භාර ගැනීම සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පසුගිය 18 වනදා සිට එම සේවා ක්රියාත්මක බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
මීට පෙර තෝරා ගත් තැපැල් කාර්යාල මගින් පමණක් රාත්රී කාලයේ දඩ පත්රිකා ගෙවීමට හැකියාව ලැබී තිබූ අතර මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 37 කින් එම පහසුකම් ලබා ගත හැකියි.

