රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියා.
රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව සඳහන්.

