ගාසා තීරයේ මිලියන දෙකක ජනතාව උග්ර ආහාර අනාරක්ෂිතතාවයේ දැඩි මට්ටම් අත්විඳිමින් සිටින බව එක්සත් ජනපද රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්රකාශ කර ඇත්තේ සටනේ විරාමයකින් තොරව සහ ආධාර වැඩිවීමකින් තොරව යුද්ධය මේ ආකාරයෙන්ම ඉදිරියටත් සිදු වුවහොත්, මැයි මාසය වන විට උතුරු ගාසා තීරය සාගතයකට මුහුණ දිය හැකි බවයි.
මේ අතර සටන් නැවැත්වීමට, මානුෂීය ආධාර ලබා ගැනීමට සහ ඊශ්රායල ප්රාණ ඇපකරුවන් ඉවත් කිරීමට හමාස් සමඟ ගිවිසුමකට එළඹීමේ නව උත්සාහයක් ලෙස ඊශ්රායල සාකච්ඡාකරුවන් අඟහරුවාදා කටාර්හි සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

