පසුගිය වසර මෑත ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස වාර්තාගත වෙයි

පසුගිය 2023 වසර මෑත ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) වාර්තාවක සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ 2023 වසරේ දී ගෝලීය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.45ක් ලෙස වාර්තා වී ඇති බවයි.

එසේම 2023 වසරේ හරිතාගාර වායු විමෝචනය ද ඉතාම ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

මේ හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යෑම මෙන්ම මුහුදු ජලයේ උෂ්ණත්වය සහ ආම්ලිකතාව ඉහල යෑම වැනි අහිතකර බලපෑම් ද එල්ල වීමේ අවධානම වැඩි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බටහිර උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ඇති ග්ලැසියර වල ද අයිස් සීග්‍රයෙන් දිය වීමට ලක්වා ඇති අතර ඇන්ටාක්ටික් මුහුදේ අයිස් ප්‍රමාණය පසුගිය වසරේ දී අවම අගය පෙන්නුම් කර තිබෙනවා.