හිරු නැගීම – 06 : 13
හිරු මුදුන් වීම – 12 : 16
හිරු බැසීම – 18 : 20
අද මාර්තු මාසේ 19 වෙනි දා, බදාදා දවසක්. හරියටම සතියේ වැඩ කරන දවස් වල මැද දවස තමයි අද.
අපි හැමෝමත් බදාදා වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමෝම හැම දෙයක්ම ගැන මැදිහත් විදිහට හිතලා බලල කටයුතු කරන්න ඕනේ.
බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන්නේ ඕනිම දෙයක අන්තයටම යන්නේ නැතුව මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලා නේ.
ඒ නිසා හැමදේම වීදුරුවක් අතින් අල්ල ගෙන ඉන්නවා වගේ දරා ගෙන ඉන්න. ගොඩක් හයියෙන් ඇල්ලුවොත් වීදුරුව බිඳිලා ඔයාගේ අතටම තුවාල වෙනවා. ඒ වගේම බුරුල් වෙන්න ඇල්ලුවොත් වීදුරුව බිම වැටිලා එත් අපිට තුවාල වෙන්න පුළුවන්. ඒ නිසාම හරි ගානට මැදිහත් විදිහට අල්ලා ගෙන ඉන්න එක තමයි ආරක්ෂිත වෙන්නේ.
ඒ නිසා ජිවිතේ හැමදේම වගේ එහෙම වැඩියෙන් සහ අඩුවෙන් අල්ලා ගන්නේ නැතුව ගානට තියා ගෙන ඉන්න. මැදුම් පිළිවෙත අනුගමනය කරන එකෙන් අපේ හිත අරමුණු වලට ගැඹුරින් බැඳීම වලකිනවා, ඒ නිසාම ඒ දේවල් අහිමි වුණාම අපිට විඳින්න වෙන දුක අඩු වෙනවා.
සරලව කියනවා නම් හැමදේම ගානට තියා ගන්න…
ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි International Day of Happiness හෙවත් සතුට පිලිබඳ ජාත්‍යන්තර දිනය.
මන් අර කලිම් කිව්වා මැදුම් පිළිවෙත කියන්නේ සතුට ට තියෙන එක මාර්ගයක්. අපි දවසක් මොනවා හරි දෙයක් නිසා සතුටු වෙනවාද ඒ දේවල් නිසා අනිවාර්යයෙන් අපිට දවසක අඬන්නත් සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ සතුට සහ සතුට ඇති කරන දේ ගොඩක් හයියෙන් අල්ලා ගෙන නැත්නම් ඒ දේවල් නැති වෙනකොටත් අපිට දැනෙන දුක අඩු වෙනවා.
සතුට කියන්නේ යන එන දෙයක්. වැදගත් වෙන්නේ මේ මොහොතේ පුළුවන් තරම් හිත නිදහසේ සහ සතුටින් ඉන්න එක.
ඒ වගේම තමයි අද National Macaron Day එක. Macaron කියන්නේ mini බිස්කට් සැන්විච් එකක් කියලා හඳුන්වන්න පුළුවන් ප්‍රංශයේ නිෂ්පාදනය වුණු කෑමක්.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ඔයා නිසා තව කෙනෙක් සතුටු වෙන විදිහට අද දවස ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි


