මෙරට සිටි අවසාන පිරිමි සීබ්‍රාවත් ජිවිතක්ෂයට

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්ත්වයා ද මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය දැනුම් දෙනවා.

රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට එම සීබ්‍රා සත්ත්වයා රැගෙන ඒමෙන් අනතුරුව මෙම සත්ත්වයා මෙලෙස ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ සත්ත්වයා රැගෙන ඒමේදී අධි මාත්‍රාවෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගොස් ඇති බවයි.