Oxford නිපද වූ අලුත්ම මිනි කූපරය

Mini Cooper කියන්නේ දශක ගණනාවක් තිස්සේ මුළු ලෝකයක් ම පිස්සු වට්ටපු car model එකක් කිව්වොත් මන් වැරදි නැහැ.

විවිධ සමාගම් යටතේ විවිධ නම් වලින් නිෂ්පාදනය වුණු කූපර් අදටත් හරි තරුණ විදිහට ලෝකේ වටේම තියෙනවා.

දවසින් දවස අලුත් වෙන cooper car වල අලුත්ම model එකක් Oxford හි Cowley හි Mini කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරලා තියෙනවා.

මේක පෙට්‍රල් car එකක් කියලා තමයි ආරංචි වෙන්නේ.

මේ නිෂ්පාදනාගාරයේ ය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන cooper එකක් හදන අතරමග තමයි මේ පෙට්‍රල් cooper එක හඳුන්වා දීලා තියෙන්නේ.

එයාල නම් කියන්නේ 2026 වසර වන විට electric Minis නිෂ්පාදනය ආරම්භ කරලා තවත් දශක දෙකක් ඇතුලත සම්පූර්ණයෙන් ම electric Mini නිෂ්පාදනය කිරීම ආරම්භ කරන්න පුළුවන් කියලා.

දැනට Mini Cooper Car වල හිමිකාරිත්වය දරන BMW සමාගම මේ Cowley නිෂ්පාදනාගාරය මේ සඳහා තවත් වැඩිදියුණු කරන්න පවුම් මිලියන 600ක් වැය කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

මේ බලන්නකෝ අලුත් කූපරේ ලස්සන..