Don චිත්රපට මාලාවේ තුන්වන චිත්රපටයේ ප්රධාන නිලිය චරිතය සඳහා ජනප්රිය බොලිවුඩ් නිලි Kiara Advani තෝරා ගෙන ඇති බව Excel Entertainment සඳහන් කර තිබෙනවා.
එහි ප්රධාන නළුවා චරිතය සඳහා Ranveer Singh තෝරා ගෙන ඇති බව පසුගිය වසරේ ප්රසිද්ධ කළ නමුත් ප්රධාන නිළිය චරිතය ප්රසිද්ධ කළේ නැහැ.
Don 3 චිත්රපටය සඳහා වූ announcement වීඩියෝව මේ වන විට එළි දක්වා ඇති නමුත් එහි දී Kiara ගේ පෙනුම හෝ ඇයගේ චරිතය විස්තර කිරීමක් සිදු කර නැහැ.
Don චිත්රපටයේ තේමා සංගීතය මෙහි දී ද යොදා ගෙන තිබීම විශේෂත්වයක්.
Don 3 චිත්රපටය 2025 වසරේ දී තිර ගත වීමට නියමිතයි.
Don 2 චිත්රපටයේ ප්රධාන චරිත රඟපාන ලද්දේ ෂාරුක් ඛාන් සහ ප්රියංකා චොප්රා යන අයයි.

