නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ සිදු වූ නාය යෑමකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කරනවා.
එසේම තවත් අට දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සිර වී සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හෙලිකොප්ටර් පවා එම ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි වී තිබෙනවා.
පකිස්ථානයේ මායිමේ පිහිටි හින්දු කුෂ් කඳුවැටියේ දකුණු කෙළවරට වන්නට නුරිස්තාන් ප්‍රාන්තය පිහිටා තිබෙනවා.

