දුම්රිය ඉඩම් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව යොදවා ගැනීමට “Station Plaza” නමින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
එම යෝජනාවට අනුමැතිය ලැබීමෙන් පසු දිගු කාලීන බදු පදනම යටතේ දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට තම ආයෝජන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා දීමට කටයුතු කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය දෙපර්තමෙන්තුවට සහ පොලිසියට අයත් ඉඩම්වල අනවසරයෙන් ඉදිකර ඇති ඕනෑම ගොඩනැගිල්ලක් බිමට සමතලා කිරීමේ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතු වනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වසර 10 ට වඩා වැඩි කාලයක් සිටි පුද්ගලයින්ට නව තක්සේරු අනුව මෙම වර්ෂය තුළ දී ගෙවිය යුතු සියලු බදු අයකර ගැනීමටත්, අවුරුදු 10 ට වඩා අඩු දුම්රිය ඉඩම් වල අනවසරයෙන් සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරීමටත්, මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරනවා.

