යෝජිත ධීවර පනත තුළින් ධීවරයන්ට කිසිදු හානියක් නැහැ – ධීවර ඇමති

යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනත සම්බන්ධයෙන් ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවයි.

එසේම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව ද සංවර්ධනය කිරීමට බලාපොරත්තු වන අතර ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ද මේ වන විට කැඳවීම් සිදු කර තිබෙනවා.

ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ.