වියළි කාලගුණයත් සමඟ දෛනික විදුලි ඉල්ලුම ඉහළට

පවතින වියළි කාලගුණයත් සමඟ දෛනික විදුලි ඉල්ලු‍ම ගිගාවොට් පැය 3ත් 4ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

එසේම මේ මස අවසන් වන විට තවදුරටත් දෛනික විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පැවසුවේ.

මෙම දිනවල වර්ෂාව ලැබීමේ හිඟතාවය නිසා ජල විදුලි උත්පාදනය ද 21%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.