හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21
අද නම් සඳුඳා දවසක්. මේ මාසේ තුන් වෙනි සඳුදා දවස තමයි මේ. ඒ වගේම තව මේ වගේ එක සඳුදා දවසයි තියෙන්නේ මේ මාසෙට.
ඔන්න දැන් කට්ටිය අමාරුවෙන් හරි වැඩට යන්න, ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා ඇති නේ. අමාරුවෙන් හරි අපි කොහොම හරි මේ අලුතෙන් ආරම්භ වුණු සතියත් අපේ වැඩ ටික කර ගන්න ඕනි.
මේ ආරම්භ වෙන්නේ ඔයාගේ හීන වලට යන තවත් දවසක් නිසා අද දවසේ ඔයාට පුළුවන් උපරිමය කරන්න මහන්සි වෙන්න.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද ජාත්‍යන්තර කඹ ඇදීමේ දිනය. ඔව් ඔව්… ඇත්තටම එහෙම දවසුත් තියෙනවා තමයි. කඹ ඇදීම කියන්නේ අපේ රටේ නම් අවුරුදු කාලෙට එළි බහින ක්‍රීඩාවක් නේ.
කොහොම වුණත් ඒක අතීත ඊජිප්තුව දක්වාම දිවෙන ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවක්. ඊජිප්තුවේ තියෙන විවිධ චිත්‍ර අතරේ මේ කඹ ඇදීම නිරුපනය වෙන චිත්‍රත් තියෙනවා.
ඒ වගේම තමයි 1900 සිට 1920 දක්වා කාලය තුළ කඹ ඇදීම ඔලිම්පික් වල එක් ඉසව්වක් විදිහටත් පවත්වලා තියෙනවා.
ඉතින් මේ කඹ අදින එකට එක එක රටවල එක එක ස්වරූපයන් දීලා තිබ්බට හැමෝම විනෝදයෙන් යුතුව සහභාගී වෙන ක්‍රීඩාවක් තමයි ඒක… ඔන්න ඔයාලටත් ළඟ ලඟම එන අවුරුදු කාලේ දී කඹ ඇඳීමේ සෙල්ලම් කරන්න පුළුවන්.
ඒ වගේම අද ඇමරිකාවේ ජනාධිපති දිනය. පෙබරවාරි මාසයේ උපන්දින යෙදෙන හිටපු ඇමරිකානු ජනාධිපතිවරු දෙදෙනෙක් වෙන George Washington සහ Abraham Lincoln යන දෙදෙනාට ගෞරවයක් වශයෙනුයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.
එහෙනම් අද දවස සතුටින් ආදරෙන් ගත කරන්න..
ජය වේවා! තෙරුවන් සරණයි.

