පසුගිය දා ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද වැටලීමකින් පසු ගාසා තීරයේ නසාර් රෝහල ක්‍රියාත්මක වීම නවතා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.
හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස් එම රෝහලේ සිටින බවට ලද බුද්ධි අංශ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
දින දෙකක දීම සෞඛ්‍ය සංවිධානයේ පිරිස් රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණයට සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා එම රෝහල වෙත ලඟා වීමට උත්සාහ කළත් ඊශ්‍රායල හමුදා විසින් ඊට ඉඩ ලබා දී නැහැ.
තවමත් එම රෝහලේ රෝගීන් 200ක් පමණ සිටින අතර ඉන් 20 දෙනෙක්ට පමණ වෛද්‍ය ප්‍රතිකාර ඉතාමත් අවශ්‍ය වන බවයි සඳහන් වෙන්නේ.
රෝහලේ විදුලි සහ ඔක්සිජන් සැපයුමට බාධා එල්ල වීම හේතුවෙන් රෝගීන් 11 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල හමුදා කියා සිටින්නේ හමාස් සංවිධානය විසින් රෝහල් සහ කඳවුරු සිය මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් මෙලෙස ඒවා වැටලීම සිදු කළ යුතු බවයි.
එම රෝහල ආශ්රිත ප්‍රදේශයේ පවතින සටන් වලින් හමාස් සාමාජිකයන් 20 පමණ ඝාතනය කර ඇති අතර ඔවුන් සතු වූ ආයුධ තොගයක් ද විනාශ කිරීමට සමත් වී තිබෙනවා.
පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පලස්තීනුවන් 127 දෙනෙකු මියගොස් තවත් 205 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

