මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ලබන ජුනි මාසය අවසාන වන විට සම්පුර්ණයෙන් අවසන් කිරීම රජයේ ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද රුවන්වැල්ල ප්‍රදේශයේ වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමි රටවල් සමග සාකච්ජා ලබන මාර්තු මාසය අවසානයේ නිම කරන බවයි අමාත්‍යවරයා එහි දී පැවසුවේ.
එසේම ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ජා ලබන අප්‍රේල් මාසය වන අවසන් කළ හැකි බවද හෙතෙම සඳහන් කර සිටියා.

