මහවැලිය තාක්ෂණිකව සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 08ක්

සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් ප්‍රදානය කිරීමට එකඟ වූ බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එම බැංකුවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අරමුදලක් ලැබෙන බවත් ඒ අනුව නවීණ තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ව පාලන අංශවල සංවර්ධනය වෙනුවෙන් එම මුදල් වැයකරන බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

එසේම මහවැලි කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට මූල්‍ය සහාය මෙන්ම, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ලබාදීමට ද සහාය වන ලෙසත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් වර්ධනය කර දීමෙන් මහවැලි ගොවි ජනතාවගේ ආදායම සියයට 200 කින් ඉහළ දැමීමට හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.