ශ්රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදනය පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
2022 වර්ෂයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එය 2023 වසරේ අගෝස්තු මාසය වනවිට 13.4කින් පහත වැටී තිබෙනවා.
එසේම 2023 වසරේ සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්ෂව රුපියල් බිලියන 124 දක්වා 0.4%ක් වැනි සුළු අගයකින් පහත වැටි තිබෙනවා.
2022 වසරේ පළමු මාස නමයේදී මෙරට සුරාබදු ආදායම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 124.6කි.

