සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර අද (14) පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගයේදී තවත් වාර්තාවක් තමන් සතු කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත් වුණා.
ඔහු අද තරඟයේ දී පන්දු 55කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණු අතර එයට හයේ පහර 01ක් සහ හතරේ පහර 07ක් ඇතුලත් වුණා.
මේ සමඟම ඔහු ලකුණු 2000 සීමාවද පසු කිරීමට සමත් වූ අතර ලකුණු 2000 සීමාවට වේගයෙන්ම ළඟා වූ ක්රීඩකයා ලෙසද අද දින ඔහු වාර්තා පොත් අතරට එක් වුණා.
එම තරගයේදී පන්දු 24 කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්රනාන්දු සමත් වූ අතර, ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 03ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.
අද තරඟයේ දී කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.

