ආර්ථික අර්බුධ හමුවේ සිසුන් 3% අධ්‍යාපනය මඟ නවතයි

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3%ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කරනවා.

ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික අර්බුදය පාසල් දරුවන්ගෙන් 54. 9% කට බලපෑම් එල්ල වී ඇති බවයි.

මින් අඩකටත් වඩා වැඩි පිරිසක් එනම් 53. 2% ක් අලු‍තින් පාසල් උපකරණ මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර 44% ක් අලු‍තින් නිල ඇදුම්වලට වියදම් කිරීම කපා හැර හෝ අඩුකර තිබෙනවා.

එසේම 40. 6% ක් අමතර පන්තිවලට සහභාගි වීම නතර කර හෝ අඩු කර ඇති අතර එම දරුවන්ගෙන් 28. 1% ක් උපකාරක පංතිවලට සහභාගි වීමේ දී මාර්ගගත ක්‍රමය භාවිතයට යොමුව ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.