විධායකය අහෝසි කළ යුතු ආකාරය සජිත් කියයි

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමෙන් පසු බව විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පැවැත්වුණු හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ රණවිරු සමුළුව අමතමිනුයි විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ.

මෙහිදි රණවිරුවන් සවිබල ගැන්වීමට අදාල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ එය අධ්‍යයන කිරිම පිළිබඳවද රණවිරුවන්ට පැහැදිලි කිරීමක් සිදු කෙරුනා.