අද පෙබරවාරි එකොලොස්වෙනිදා, ඉරිදා

හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19

අද ඉරිදා දවසක්. ඒක ප්‍රීතිය දුක කියන හැඟීම් දෙකම මිශ්‍ර වුණු දවසක්. මොකද අද හැමෝටම නිවාඩු දවසක් නිසා ඔන්න අද උදේ වරුව නම් ගොඩක් සතුටින් නිවාඩු දවස ගත කරනවා. ඒ වුණාට ආයේ දැන් සඳුදා ඉඳන් වැඩට, ඉස්කෝලේ යන්න ඕනි කියලා හිතෙනකොට නම් ටිකක් දුකකුත් හිතෙනවා නේ.

අද දවසේ පොඩි වෙලාවක් අර ගෙන හෙට ඉඳන් පටන් ගන්න සතිය ගැන වගේම ගෙවුණු සතිය ගැනත් හිතලා බලන්න. මේ ගෙවුණු සතියේ වුණු දේවල්, ඒ සතියේ ඔයා මොනවද කළේ, ඔයාගෙන් අතපසු වුණු දේවල් එහෙම මතක් කරලා බලන්න. ඒ දේවල් කොහොමද මේ සතියේ කර ගන්නේ කියලත් අද හිතන්න. ඔයා planner එකක් වගේ use කරනවා නම් මේ සතියේ තියෙන වැඩ අද පොඩි වෙලාවක් වෙන් කරලා නිදහසේ plan කරන්න. ඒක ඔයාට සතියේ වැඩ ටික හරියාකාරව කළමනාකරණය කර ගන්න උදව්වක් වෙයි.

අද දවසේ විශේෂත්වය ගතහොත් අද තමයි ලෝක රෝගීන්ගේ දවස. මේ ශරීරයට අපි කොච්චර දේවල් කළත් අපිට බැහැ මේක ලෙඩ වෙන්නේ නැතිව තියා ගන්න. ඒ වගේම තමයි මනසත් ලෙඩ වෙලා අපි මානසික රෝගීන් පවා වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ විවිධ අසනීප වලින් පෙලෙන පුද්ගලයන්ට වෙනුවෙන් අපෙන් වෙන්න ඕනි දේවල් මතක් කරන්න.

විශේෂයෙන් ම සමහර අසනීප වල දී වගේම රිය අනතුරු එහෙම සිද්ධ වුණාම අපේ ශරීරයේ ලේ ගොඩක් lose වෙනවා. එතකොට අපිට බාහිරින් ලේ දෙන්න වෙනවා. ඔයාට පුළුවන් ඒ වගේ ලේ අවශ්‍ය රෝගීන් වෙනුවෙන් ඔයාගේ ලේ ටිකක් දෙන්න. ජාතික ලේ බැංකුවට, අපේක්ෂා රෝහලට වගේ ගියාම මෙහෙම මේ දන් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිළිකා රෝහලේ ඉන්න රෝගීන් වෙනුවෙන් ඔයාට හැකි පමණින් උපකාරයක් කරන්නත් ඔයාට පුළුවන්. මේ දේවල් දවසකට විතරක් සීමා වෙන්නේ නැතුව පුළුවන් හැම වෙලේම කරනවා නම් ඒක ඒ රෝගීන්ට ඇත්තටම ලොකු උපකාරයක් වෙනවා.

ඒ වගේම අද ගොඩක් කට්ටිය ගෙදර ඉන්න දවසේ ඔයාට පුළුවන් ඔයාගේ ආගම අනුව ආගමික කටයුතු සිද්ධ කරලා රෝගී පුද්ගලයන් වෙනුවෙන් සෙත් පතන්නත්. එකෙන් නොදැනුවත්වම අපේ මනසත් සුවපත් වෙනවා, සන්සුන් වෙනවා.

ඒත් එක්කම අද විද්‍යාව හදාරන, නව සොයා ගැනීම් කරන සහ විද්‍යාව අංශයේ යෙදිලා ඉන්න කාන්තාවන් වෙනුවෙන් වෙන් කරලා තියෙන දවසක්. දැන් කාලේ නම් ගැහැණු ළමයින්ට පිරිමි ළමයි හා සමානව අධ්‍යාපනයට අවස්තාව තිබුණත් ඉස්සර කාලේ ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලබන්න තිබ්බ අවස්ථා බොහොම සීමිතයි. ඒ නිසාම තමයි එහෙම අමාරුවෙන් විද්‍යාව වගේ විෂයක් හදාරන ගැහැණු ළමයින් සහ ගැහැනුන් දිරිමත් කරන්න අද වගේ දවසක් නම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මාරි කියුරි වගේ විද්‍යාඥ්යවරියන් විසින් බොහෝ වැදගත් සොයා ගැනීම් සිදු කරලා තියෙනවා. ඒ නිසා පිරිමින් මෙන්ම ගැහැනුන් ද මේ ලෝකේ දියුණුවට සක්‍රියව දායක වෙලා තියෙනවා.

අද දවස කෝපි රසිකයන්ටත් විශේෂ දවසක්. ඒ තමයි අද Latte දවස. එක එක ආකාරයේ කෝපි වර්ග අතරින් Latte වලට හිමි වෙලා තියෙන්නේ විශේෂ තැනක්. Latte වුණත් විවිධ ආකාරයෙන් විවිධ රසවලට හදන්න පුළුවන් නේ. ඉතින් ඔන්න අද ඔයා ආදරේ කරන ය එක්ක Latte එකක් බොන්න හොඳම දවස..

අද Valentine week එකේ පස්වෙනි දවස. අද promise day එක. ඔයාට පුළුවන් ඔයාට අද එයාට පොරොන්දුවක් දෙන්න. පොරොන්දු දෙනවා වගේ නෙමෙයි ඒ දේවල් ඉෂ්ට කරන්නත් ඕනි අනිවාර්යයෙන්ම. අද කාලේ නම් පොරොන්දු කියන්නේ නිකම් වචන විතරක් නිසා මේ දවසට නම් දෙන වටිනාකම අඩුයි.

ඒ කොහොම වුණත් ඔයා කාට වුනත් මොනවා හරි පොරොන්දුවක් වුණා නම් එක ආරක්ෂා කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද ඔයාට ඒ පොරොන්දුව වචන ටිකක් විතරක් වුණාට එයා ඒ පොරොන්දුව මත ජිවිත් වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා රකින්න බැරි පොරොන්දු දෙන්න එපා… දුන්න පොරොන්දු කඩන්නත් එපා..

අද දවසේ සිද්ධ වුණු වැදගත් සිදුවීම් ගත්තොත් 1990 අද වගේ දවසක තමයි දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයෙකු වන නෙල්සන් මැන්ඩෙලා වසර 27 කට පසු හිරෙන් නිදහස් වුණේ. මැන්ඩෙලා කියන්නේ වර්ණභේදයට එරෙහිව සටන් කරලා 1993 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි කර ගත්ත කෙනෙක්. මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවට පත් වූ අතර 1994 සිට 1999 දක්වා එහි පාලන කටයුතු හොබවනු ලැබුවා.

විදුලි බුබුල නිපදවූ Thomas Edison සහ Friends කතාවේ එන Jennifer Aniston යන අයගේ උපන්දිනයත් අදට යෙදිලා තියෙනවා.

ඉතින් එහෙනම් ඔයාලටත් අද දවස සුන්දරව සතුටින් ගත කරන ලැබේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!