දකුණු පිලිපීනයේ පසුගිය දා සිදු වූ නාය යෑමක දී පස් ගොඩකට යට වී සිටි දැරියක පැය 60කට පමණ පසු බේරා ගෙන තිබෙනවා.
ආපදා ගලවාගැනීමේ මෙහෙයුම්කරුවන් විසින් පස් අතර සිර වී සිටින මිනිසුන් ගලවා ගැනීමේ උත්සාහයන් අත්හැර දැමූ මොහොතකයි මෙම දැරිය මෙලෙස බේරා ගෙන ඇත්තේ.
සාමාන්‍යයෙන් දරුවෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිහිටියන්ට වඩා අඩු වන නමුත් මේ තුන් හැවිරිදි දැරිය කෙසේ හෝ ඇයව සොයා ගන්නා තෙක් සිය ජීවිතය පවත්වා ගෙන යෑමට තරම් ශක්තිමත් වී තිබෙනවා.
බොහෝ දෙනා එය ආශ්චර්යයක් ලෙස සලකනු ලබනවා.
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ Mindanao ප්‍රදේශයේ Davao de Oro හි වූ රන් ආකර ගම්මානයක මෙම නායයෑම සිදු වුණු අතර එයින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තවත් 77 දෙනෙකු පමණ අතුරුදන්ව තිබෙනවා.
එම අතුරුදහන් වූවන් සොයා සිදු කරන ලද මෙහෙයුම්වලදී පවා හමු වූ බොහෝ දෙනා මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අද දිනයේ රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රබලතත්වයෙන් යුතු භූමිකම්පාවක් ද පිලිපීනයේ ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නතර කිරීමට සිදු වී තිබෙනවා.

