ගිනිකූරු භාවිතයෙන් කරන ලද ලොව උසම ගොඩනැගිලි නිර්මාණය ලෙස Richard Plaud විසින් නිර්මාණය කළ අයිෆල් කුලුනේ ආකෘතිය වාර්තාවක් තබා තිබෙනවා.
එය උසින් මීටර් 7.2ක් පමණ වන අතර ඒ සඳහා ගිනිකූරු 706,000 කට වඩා වැඩි ප්රමාණයකින් සහ මැලියම් කිලෝග්රෑම් 23ක් යොදා යෙන තිබෙනවා.
Richard පවසා ඇත්තේ ඔහුට මෙම නිර්මාණය කිරීම සඳහා පැය 4,200 ක් පමණ කාලයක් වැය වුණු බවයි.
ඔහු විසින් වාණිජව වශයෙන් ලබා ගත නොහැකි ගිනිකූරු භාවිතයෙන් මෙම නිර්මාණය සිදු කර තිබීම නිසා මින් පෙර මේ වාර්තාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති නමුත් පසුව එය නිරාකරණය කර තිබෙනවා.
ඒ අනුව දැනට ලොව උසම ගිනිකුරු ගොඩනැගිල්ලට හිමි ගිනස් වාර්තාව Richard Plaud සතු වනවා.
මෙම අපූරු ගිනිකුරු නිර්මාණය මේ වසරේ පැරිසියේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ දී ප්රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

