බිත්තරයක් රුපියල් 65ක් වෙන ලකුණු

ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි අවධාරණය කරනවා.

මේ වන විට වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල පවතින්නේ රුපියල් 60 ක් වැනි අගයක වනවා.

මේ අතර රුපියල් 43 ක මිලකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලබාදුන් ආනයනික බිත්තර ද මේ වනවිට එම අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.