මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි.
එසේම ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

