පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ දීමනාවෙන් 50%ක් සමඟ සමස්ත සංයුක්ත දීමනාව ලබන සතිය මුලදී ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එසේම වැඩිකළ සංයුක්ත දීමනාවේ ඉතිරි කොටසද කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

